ඔබ මරණයට බය වෙන්න ඕනද?

 🔥ඔබ මරණයට බය වෙන්න ඕනද?

මැරෙන මොහොතේ සිදුවන්නෙ කුමක්ද?🔥


මබ මේ ජීවිත කාලය තුල ගත කලේ යහපත් ජීවිතයක් නම් ඒ ජීවිතය 51% කින් හෝ යපතට බරයි නම්. මම ඔබට කියනව කවදාවත් මරණයට බිය වන්න එපා...ඔබ ගත කල ජීවිතය අයහපත් නම් පමණයි ඔබ බිය විය යුත්තේ.


ඔබගේ මරණය හදිසි මරණයක් හෝ වෙනත් මොන අයුරින් සිදුවුනත් වෙන්නෙ එකම දෙයයි. ඒ තමයි සැබවින්ම ඔබ කියන කොටස මේ ශරීරයෙන් ඉවත් වීම...මේ මොහොතෙදි ඔබට ඔබවම පෙනෙන්න ගන්නව සමහරවිට සුලු වෙලාවකට ඔබ නැවත ශරීරය තුලට යාමට උත්සහ කරාවි නමුත් එය සාර්ථක වීමේ ඉඩක් නෑ...ඔබ අසල කොයිතරම් පිරිස සිටියත් ඔබව ඔවුන්ට නොපෙනේවී ඔබ කොයිතරම් කෑගෑසුවත් ඔවුන්ට එය නොඇසේවි...


කිසිදු දෙයක් සිතාගත නොහැකිව සුලු වෙලාවක් ගිය පසු ඔබ වෙත යම් අයෙකු පැමිණේවි ඔහුට හෝ ඇයට ඔබව ඇසේවි පෙනේවි ඔහු ඔබත් සමග කතා කරාවි සිදු වූ දෙය හොදින් පැහැදිලි කර දේවි...

ඒ විදියට එන්නෙ මාර පුත්‍රයෙක්. හුග දෙනෙකු ඒ ගැන නොදන්නව උනත් මේ ලිපිය කියවන ඔබේ මතකයේ මෙය හොදින්ම තැන්පත් වන නිසා ඒ අවස්ථාවේ ඔහු කවුරුන්ද කියා ඔබට සිහිපත් වේවි...


ඔහු හෝ ඇය සමග පැමිණෙන ලෙස ඔබට ආරාධනා කරාවි නමුත් යන තැන ඔබ විමසුවත් ඔබට නොකියාවි. මේ ආරාධනය පිලිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ඔබට අයිතියක් ඇත. නමුත් එසේ කිරීම ඔබ ඔබවම විනාශ කර ගැනීමකි. ඔබට හොල්මනක් වී තනිවම සැරිසරල කාලයක් ගත වී ඒ තනිකමම තරහකට පෙරලී ඔබ අදුරු ආඝාධයක විනාශ වී සිරවී යනු ඇත...ඒ නිසා ඔබ බුද්ධිමත් නම් ඔබට මෙලොව හැර දා යා නොහැකි කුමන දෙයක් තිබුනත් ඔබ එම ආරාධනය පිලිගත යුතුයි...


ඔහු ඔබව තවත් අයෙකු අසලට රැගෙන යනු ඇත. මෙතනදී ඔබ කල පවු සහ පිං නැතිනම් යහපත අයහපත මැනීමක් සිදු කරනු ඇත ඔබේ යහපත 51% කින් හෝ වැඩිනම් ඔබට දිව්‍යලෝක නැතිනම් ස්වර්ග රාජ්‍යයට යාමට ටිකට් එක ලැබෙනු ඇත. ඔබගේ යහපත 50% ට හෝ අඩු නම් නිසැකවම ඔබට අපායක් සදහා ටිකට් එක වෙන් වෙනු ඇත...


ඔබ යහපත් නම්...සිතූ පැතූ සම්පත් ඇතුව මීලග භවය එලබෙන තුරු සැපයෙන් සිටීමට හැකිවේවි. මීලග භවයත් සැපවත් වේවි.

ඔබ අයහපත් නම් මීලග භවය එලබෙන තුරු අපායේ දුක් විදීමට සිදුවේවි...මීලග බවයත් දුක සහිත භවයක්ම වේවි...


ඔබ තවමත් ප්‍රමාද නැත. යහපත්ව ජීවත් වන්න නිර්මාංශ වන්න. යහපත් දේ නොකලාට ගැටලුවක් නැත. නමුත් ඔබේ ජීවිතය පමණක් හෝ යහපත් කරගන්න එවිට ඔබටත් යහපත් ටිකට් එකකින් මීලග භවයට යාමට හැකිවේවි....මරණය යනු අවසානය නොවේ ආරම්භයකි...


Ravindu Adiptha 

Post a Comment

0 Comments